27 April 2024
#දේශීය

මාතලේට ඩිජිටල් පරිවර්තන කමිටුවක් – මාතලේ මහ දිසාපතිනි තේජානි

මාතලේට ඩිජිටල් පරිවර්තන කමිටුවක් ස්ථාපනය කිරිමට අපෙක්ෂා කරන බව මාතලේ මහ දිසාපතිනි තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

රටතුළ ඵලදායි ඩිජිටල් පරිවර්තනයක් සිඳු කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඩිජිටල් පරිවර්තනයන් හඳුනා ගැනීම, ප්‍රමුඛත්වය ලබාදීම, සහය දීම සහ ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටුවක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් පළමු කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විනි.

එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ව්‍යවසායකත්ව, රාජ්‍ය සේවා ඇතුළු සියලු අංශ ආවරණය වන පරිදි ඩිජිටල් පරිවර්තනය සිඳු කිරීම පිළිබඳ සාකච්ඡා විය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම කමිටු රැස්වීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන නිශාන්ත කරුණාතිලක, චමිලා අතපත්තු, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු මනෝජ් හේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ශවකරුවන් රැසක් සහභාගී විය.

 

මහේෂ් කීර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *