27 April 2024
#දේශීය

ATM කාඩ්පත් සොරකම් කර මුදල් ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ඒ.ටී.එම් යන්ත්‍ර අසල රැදි සිටිමින් ඒ ටී එම් කාඩ්පත් මාරු කර මුදල් ලබා ගත් සැකකරුවෙක් ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සැකකරු බැංකුවල ඒ.ටී.එම් යන්ත්‍ර අසල රැදි සිටිමින් මුදල් තැන්පත් කිරීමට හා මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් රවටා ඔවුන්ගේ රහස් අංකය ලබා ගෙන ඒ.ටී.එම් කාඩ් පත් මාරු කර මුදල් ලබා ගෙන ඇති බව පොලිසිය කල මුලික පරික්ෂණවලදී හෙළිව ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සන්තකයේ ඒ.ටී.එම් කාඩ් පත් 06 ක් ද තිබි ඇත. මෙම සැකකරු වයස අවුරුදු 22 ක් වන කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (30) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *