27 April 2024
#දේශීය

උතුරු මැද පලාතේ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම ගැන සාකච්ඡාවක්

උතුරු මැද පලාතේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්විණි.

පොලිස් දෙපාර්තමේන්තුව හා උතුරු මැද පළාත් සභාව එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රමුඛ ඉලක්කය බවට පාසල් සිසුවියන් පත්ව ඇති බව මෙහි දී හෙළිවිය.

අයිස් නැමති මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා වන බව මෙහිදී අනාවරණය වූ අතර විදේශ රටවලින් ආනයනය කරන මත් පුවක් වර්ග ආනයනය තහනම් කරන ලෙස රජයට දන්වන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පොලිස් නිලධාරීන් මෙහිදී විශේෂ ඉල්ලීමක් කරන ලදී තවද ළමුන් අතර භාවිතයට ගැනෙන ප්‍රාථමික මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා නීති ප්‍රමාණවත් නොවන බව ද මෙහිදී හෙළි විය.

මෑතකදී සම්මත වූ පනත් මගින් මත්ද්‍රව්‍ය ලගතබා ගැනීමේ ප්‍රමාණය සංශෝධනය වීම මගින් මරණ දඬුවම ලිහිල් වීමෙන් මත්ද්‍රව්‍ය අත්අංගුවට ගැනීමේදී ගැටලු පැන නැගී ඇති බවට හෙලිවිය. පාසල් ආශ්‍රිත වේගයෙන් ව්‍යාප්ත වන මෙම මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මෙහිදී සාකච්ඡා කර තීරණ ගනු ලැබීය

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් නයනා දසනායක, උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජයකෝන්, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් උතුරු මැද පළාත් පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

තිසර සමල් – එප්පාවල

Leave a comment

Your email address will not be published. Required fields are marked *