27 April 2024
#දේශීය

රජයේ ඒකාබද්ධ අරමුදලටරුපියල් බිලියන 02ක පරිත්‍යාගයක් – ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන 02කට අදාළ චෙක්පත ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර‍ දෙනු ලැබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.

වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 

Sri Lanka Ports Authority, Airport and Aviation Services (Sri Lanka) (Private) Limited and Civil Aviation Authority donates 2 million to Government Joint Fund

The Sri Lanka Port Authority, Airport and Aviation Services (Sri Lanka) (Private) Limited and the Civil Aviation Authority jointly presented the check for Rs. 02 billion to the government’s joint fund which was officially handed over to President Ranil Wickremesinghe at the Presidential Secretariat yesterday (19) afternoon.

Accordingly, the Sri Lanka Port Authority has contributed Rs. 01 billion, Airport and Aviation Services (Sri Lanka) (Private) Limited Rs. 500 million and Civil Aviation Authority Rs. 500 million to the joint fund of the government.

Minister of, Shipping and Aviation Services Nimal Siripala de Silva, Secretary to the Ministry of Finance Mahinda Siriwardena, Secretary to the Ministry of, Shipping and Aviation Services K.D.S. Ruwanchandra, Chairman of Sri Lanka Authority Keith D. Bernard, Chairman of Airport and Aviation Services (Sri Lanka) (Private) Limited Major General G.A. Chandrasiri (Rtd), Civil Aviation Authority Director General P.A. Jayakantha and several others participated in this event.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *