27 April 2024
#සංවර්ධන

අලුවිහාරේ ඉදි කළ ‘හෙළ බොජුන් හල’ විවෘත කෙරේ

මාතලේ , අලුවිහාරේ ඉදි කළ ‘හෙළ බොජුන් හල’ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ජනතා අයිතියට පැවරිණි.

දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය හා අදාළ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ යි. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 12.86 ක මුදලක් වැය කොට තිිබෙන අතර මෙමඟින් ව්‍යවසායකයින් දස දෙනෙකුට දේශීය ආහාර නිෂ්පාදනයට හා අලෙවියට අවස්ථාව සැලසේ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත්කම පිළිබඳ ව සියලුදෙනා අවධානය යොමු කළ යුතු බව යි.

මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී/දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ හා මාතලේ නගරාධිපති එස්. ප්‍රකාශ් පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පසන් රත්නායක,මාතලේ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මාතලේ අතිරේක දිසාපති නිශ්නාත කරුණාතිලක යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද , ව්‍යවසායකයන් පිරිසක්ද සහභාගී වූහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *