• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යහපාලන සමයේ සමෘද්ධි ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා සොයන්න පංච පුද්ගල කමිටුවක්

16 December 2020
in දේශීය

යහපාලන සමය තුළ දී නව සමෘද්ධි ප්‍රතිලාභීන්ට හිමිකම් පත් ලබා දීමේ දී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

දැනට එම අමාත්‍යාංශයේ සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සාමාජික සංඛ්‍යාව පහකි.

2019 වසරේ දී නව ප්‍රතිලාභීන් හාර ලක්ෂ තිස් තුන් දහස් පන්සිය අනූ හතර දෙනකු එක් කර ගැණුන අතර එහි දී සිදු කළ වියදම් පිළිබඳ ලද පැමිණිලි හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම කමිටුව පත් කර තිබේ.

ඒ අනුව ප්‍රතිලාභීන් වෙනුවෙන් හිමිකම් පත්‍ර සහ ගොනු ලක්ෂ හයක් මුද්‍රණය කිරීම, අමාත්‍යවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පණිවිඩ මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන අටකට අධික මුදලක් වැය කිරීම, පෝස්ටර් ලක්ෂ හතරක් මුද්‍රණය කිරීම, රුපියල් මිලියන 170ක් වැය කරමින් උත්සවය සඳහා තාවකාලික මඩු ඉදි කිරීම සහ මුද්‍රිත ටී ෂර්ට් ලබා දීම සඳහා රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.

ලබන වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට පෙර අදාළ කමිටු වාර්තාව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත ලබා දීමට නියමිත අතර වාර්තාවේ සඳහන් කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

Post Views: 6
Previous Post

අබලි භාණ්ඩ මිස ලිපිගොනුවලට හානියක් නෑ – අධිකරණ අමාත්‍යංශ ලේකම්

Next Post

අනවසර විදුලි රැහැනක ගැටී අයෙකු මරුට

editor

editor

Next Post

අනවසර විදුලි රැහැනක ගැටී අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved