• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාරය ගැටළුව ගැන විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

4 July 2020
in දේශීය

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් ආර්.එම් දයා රත්නායක යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුවට පැවරී ඇති කාර්යයන් වන්නේ, ජයබහලු පර්යන්තයට අදාල ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩිකිරීම සහ නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26 දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණයන්ට අනුව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම, යන්ත්‍රෝපකරණ ගෙන්වීමට ප්‍රථම ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ මන්දැයි සොයා බැලීම, ඉල්ලීමක් නැතිව ආරම්භ කළ ප්‍රසම්පාදන පටිපාටිය සහ ඉන් ඇති වූ පිරිවැය ප්‍රතිවිපාක සහ පර්යන්තය ගොඩනැගීමට පෙර යන්ත්‍රෝපකරණ නැව්ගත කිරීම පිළිබඳ සොයා බැලීම, ශ්‍රී ලංකා රජය සෙසු රාජ්‍යයන් සමඟ කොළඹ වරාය විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය.

ඉහත සඳහන් 1,2 සහ 3 වන අවස්ථාවන් හි දි ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේඛීය අමාත්‍යාංශ සහ රජය විසින් ගන්නා ලද තීරණ පිළිබඳ මූල්‍යමය ප්‍රතිවිපාක සහ පිරිවැය ප්‍රතිවිපාක විශ්ලේෂණය.

ඉහත සඳහන් කළ ක්‍රියා පිළිබඳ වගවිය යුත්තන් කවුරුන්ද යන්න හඳුනාගැනීම

වෙළඳ, නාවික සහ දේශීය විදේශීය ආයෝජනයන් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකිවන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 02ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම

ඊයේ (03) සිට දින 45 ක් ඇතුලත අදාල රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධ කොට කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

Post Views: 7
Previous Post

ඔබේ අස්වැන්නට ඉහළ මිලක් – ජනපති රජ රට ගොවීන්ට කියයි

Next Post

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය

editor

editor

Next Post

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved