27 April 2024
#දේශීය

විදෙස් තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂනායකයා හමුවෙයි

රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් කොළඹදී පැවැත්විණි.

සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ⁣අමු අමුවේ කෙලෙසීම මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි රජය දක්වන අකාර්යක්ෂමභාවය, දූෂණ විරෝධී ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ නීති සම්පාදනය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.

මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති Julie J Chung මහත්මිය, නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මිය, ඉන්දීය මහකොමසාරිස්  Gopal Baglay මහතා, නවසීලන්ත මහකොමසාරිස්  Michael Appleton මහතා, ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස් Paul Wesley Stephens මහතා, ප්‍රංශ මහකොමසාරිස් Jean Francois Pactet , කැනඩාවේ මහකොමසාරිස් Eric Walsh, එක්සත් රාජධානියේ වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් Lisa Whanstall, රුමේනියානු තානාපති  Victor Chiujdea, ජපාන නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, ඉතාලි නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Dr. Francesco Perale, යුරෝපා සංගමයේ දේශපාලන අංශයේ  Anne Vaugier Chatterjee සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *