• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ ඉන්නේ කගෙ හරි පස්සේ ගිහින් කියන දේ කරන පිරිසක්

5 August 2018
in දේශීය

ලංකාවේ නායකයෝ නායිකාවෝ නොමැති බවත් අපේ රටේ වැඩි හරියක් ඉන්නේ කවුරුන් හෝ පසු පස ගොස් කවුරුන් හෝ කියන දේවල් කරන පිරිසක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව පැවසුවේ, අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය. අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ 2018-2019 වර්ෂයන් සඳහා ශිෂ්‍ය නායක නිළ ලාංජන ප්‍රදානය කිරීමේ උත්සවය එම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

වසර 84 ක් පැරණී එම විද්‍යාලයේ වර්ථමාන ශිෂ්‍ය සංඛ්‍යාව 4000 ඉක්මවයි.ඒ අතුරින් සිසු සිසුවියන් 137 දෙනෙකු ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස අභිෂේක ලැබීම එහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපි රෑට රූපවාහිනියේ දකින දේවල් එක්ක, මේ ලෝකයේ දියුණුවත් සමඟ අපි දකින දේවල් ගැන කියන්න කණගාටුයි, අපි සමහර වෙලාවට දකිනවා අපේ පාසල් දූ දරුවන්, පාසලේදී කරන්න ඕන නැති දේවල් පාසලේදී කරන්න යනවා, ඒ කියන්නේ වැඩිහිටියන් සිදු කරන දේවල් පාසල් කාළයේ කරන්න යනවා.මේක තමයි අපි දකින ලොකුම අභාග්‍යය. මුළු ජීවිත කාළයෙන්ම පාසල් නිළ ඇඳුම ඇඳලා පාසල් යන්න පුලුවන්කම තියෙන්නේ අවුරුදු 13 යි. හැබැයි මේ කාරණය පාසල් කාළයේදී බොහෝ ළමුන්ට අමතක වෙනවා.ඒ නිසා සමහර වෙලාවට කොණ්ඩ, රැවුල වවනවා, සමහර වෙලාවට සමාජයේ අපි දකින විලාසිතා මෝස්තර සියල්ලම පාසල් නිළ ඇඳුමට අරගෙන එනවා.මහ මිනිස්සු කරන දේවල් සියල්ලම පාසල් කාළයේ කරන්න හදනවා.පහුගිය කාළයේ පාසල් කීපයක එවැනි අත්දැකීම් තියෙනවා.පොලීසි වලට ගිහින් තියෙනවා, දෙමාපියෝ කැඳවලා අවවාද කරලා තියෙනවා.ඒ නිසා සියලු දරු දැරියන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපිට පාසල් කාළය තුළ පාසල් ශීෂ්‍යයෙක්- ශීෂ්‍යාවක් විදිහට කරන්න තියෙන දේවල් පමණක් සිදු කරන්න.අපි අවුරුදු 60-70 ක් ජීවත් වුණොත් ඉන් අවුරුදු 13 ක් පමණයි පාසල් දරුවෙක් ලෙස ගත කරන්න තියෙන්නේ.ඒ කෙටි කාළසීමාවේ මහ මිනිස්සු කරන වැඩ කරන්න ගියහම අපි ජීවිතයේ ලොකු හිඩසක් හදා ගන්නවා.මහ මිනිස්සු කරන වැඩ කරන්න අපිට ඕන තරම් කාළය තියෙනවා.ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පාසල් කාළය තුළ පාසල් ශීෂ්‍ය – ශීෂ්‍යාවක් වෙන්න.තමන්ගේ විදුහල්පතිවරයාගෙන්, පන්තිභාර ආචාර්යවරයාගෙන්, විෂය භාර ආචාර්යවරුන් දෙන දැනුම ලබා ගෙන හොඳ දරුවෙක් වෙන්න.ලබා ගන්න තියෙන සියලු දැනුම ලබාගෙන රට සමාජය පිළිගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුළරත්න,විදුහල්පති එස්.එම් කුසුම් තිලක් මහතා ඇතුළු විද්‍යාලීය ගුරුභවතුන්, සිසු සිසුවියන් හා දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 6
Previous Post

සිංදු නැති වුණාට දැනෙන දෙයක් අපි කළා

Next Post

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

editor

editor

Next Post

ඩී එස් අයි වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved