27 April 2024
#දේශීය

නවකුරුදුවත්ත ප්‍රදේශයේදී දිවියෙකු මියයයි

නවකුරුදුවත්ත, වින්සර්ෆොරස්ට්වත්ත ප්‍ර දේශයේ ඊයේ (05) උදෑසන කාලයේදී දිවියෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම දිවියා යම් පුද්ගලයෙකු විසින් අටවා තිබු මද්දකට ගෙල සිර වී මිය ගොස් ඇති බවට පොලිසිය කල මුළීක විමර්ශනවලදී අනාවරණ වී ඇත.

දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා වනජිවි නිලධාරින් විසින් රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත දිවියාගේ සිරුර රැගෙන ගොස් ඇත.

නවකුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *