2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (05) දින අන්තර්ජාලයට නිකුත් කර ඇත. ඒ අනුව සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk
වෙත පිවිසීමෙන් සිය ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකිය.
ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිසුන් තම විභාග අංකය (Index Number) හෝ ජාතික හැඳුනුම්පත් අංකය (NIC Number) නිවැරදිව ඇතුළත් කළ යුතුය.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් පවතින්නේ නම් 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 0112784208, 0112784537, 0112785922 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව සම්බන්ධ කර ගත හැකිය. ඒ සඳහා වන ෆැක්ස් අංකය 0112784422 වේ.
















