27 April 2024
#දේශීය

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පර්යේෂණ සහ තොරතුරු නිලධාරි ට්‍රිවාන් අන්නක්කාරගේ මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය යන අය එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *