27 April 2024
#දේශීය

දුම්රිය මාර්ගය ආසන්නයේ නිරුවත් කාන්තා මළ සිරුරක්

කළුතර, ගාලු පාරේ ප්‍රධාන විදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ ඊයේ (06) සවස් කාලයේදී නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් හමු වු බව පොලිසිය පවසයි.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 16 ක් වු කළුතර, නාගොඩ ප්‍ර දේශයේ පදිංචිකාරියකි.

මිය ගිය කාන්තාව ඊයේ (06) පස්වරුවේදී තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙම හෝටලය වෙත පැමිණ ඇති අතර ඉන් එක් කාන්තාවක් හා පුරුෂයෙකු හෝටලයෙන් පිටව ගොස් ඇති අතර ඉන් පසුව මරණකාරිය සමඟ සිටි පුද්ගලයා ද හෝටලයෙන් පිටව ගොස් ඇති බවට පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම පිරිසේ සිටි අනෙක් තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මිය ගිය කාන්තාව සමඟ පැමිණි තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *