27 April 2024
#දේශීය

තිරිඟු පිටි මිල වැඩි වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

තිරිඟ පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බවත් , ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පස්වරුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ කිලෝවට රුපියල් තුනක් වූ රේගු බද්ධ නැවත පැනවීම මගින්, 90 % ක් තරම් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟ පිටි මිල කළමණාකරණය කිරීම සිදු කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *