• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

3 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) එළිදැක්වීම සිදුවිය.

මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිදිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.

එසේම විසිපස් වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන KN 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වෛරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇතිබවද ඒමහතා පැවසීය.සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වෛරස දින 7ක් පමණ පැවතුනද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හදුන්වාදීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.

අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

Next Post

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිට්කොයින් නිර්මාතෘ  සතෝෂි නකාමොටෝ පිළිබඳ  NYT වාර්තාව  මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

බිට්කොයින් නිර්මාතෘ සතෝෂි නකාමොටෝ පිළිබඳ NYT වාර්තාව මයිකල් සේලර් ප්‍රතික්ෂේප කරයි

9 April 2026
ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර  සාකච්ඡා අවසන්

ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී රුටේ අතර සාකච්ඡා අවසන්

9 April 2026
හෝමාගම සහ පැලැන්වත්ත  අවට ප්‍රදේශවලට  අද සහ හෙට  පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ පැලැන්වත්ත අවට ප්‍රදේශවලට අද සහ හෙට පැය 12ක ජල කප්පාදුවක්

9 April 2026
AI ඒජන්තවරුන්ගේ  ආරක්ෂාව තහවුරු කිරීමට  Check Point සමාගමෙන්  නව AI Defense Plane පද්ධතියක්

AI ඒජන්තවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට Check Point සමාගමෙන් නව AI Defense Plane පද්ධතියක්

9 April 2026

Recent News

සැප්තැම්බර් දක්වාම දික්විය හැකි  දැඩි නියඟයක් පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අනතුරු ඇඟවීමක්

සැප්තැම්බර් දක්වාම දික්විය හැකි දැඩි නියඟයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

9 April 2026
දකුණු කැරොලිනා  මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු  විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

දකුණු කැරොලිනා මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු විලියම්ස්පෝර්ට් හිදී අත්අඩංගුවට

9 April 2026
මයිසූරු හි කථන සහ  ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක්  සංඥා භාෂා පරිවර්තකයන්ගේ  සහායෙන් විසඳයි

මයිසූරු හි කථන සහ ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුගේ ඝාතනයක් සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහායෙන් විසඳයි

9 April 2026
Google Gemini  ලොව දෙවන ස්ථානයට පත්වෙමින්  ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

Google Gemini ලොව දෙවන ස්ථානයට පත්වෙමින් ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Google Gemini  ලොව දෙවන ස්ථානයට පත්වෙමින්  ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

Google Gemini ලොව දෙවන ස්ථානයට පත්වෙමින් ChatGPT ආධිපත්‍යයට අභියෝග කරයි

9 April 2026
NHN Cloud සමාගම  ජපානයේ IT සතියේදී  සිය ‘AX’ තාක්ෂණික දක්ෂතාවන්  ප්‍රදර්ශනය කරයි

NHN Cloud සමාගම ජපානයේ IT සතියේදී සිය ‘AX’ තාක්ෂණික දක්ෂතාවන් ප්‍රදර්ශනය කරයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved