• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දියවැඩියාව වළක්වන්න නව වී ප්‍රභේදයක්

23 July 2018
in සංවර්ධන

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ.

“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය 21 වනදා අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ සිදු කෙරෙන වී වගාව නිරීක්ෂණය කළේය.

එහිදී අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් පැවසුවේ අපේ රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බවයි.

එමනිසා ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ව ඇති අතර දියවැඩියාව වළක්වන මෙම වී ප්‍රභේදය “නීරෝගා” නමින් හඳුන්වන බව එම නිලධාරිහු අමාත්‍යවරයාට පැවසුහ. අමාත්‍යවරයා නිරෝගා වී ප්‍රභේදය වගා කර ඇති කුඹුරු යාය පරීක්ෂාවට ලක් කළේය.

දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව Mother of all Diseases ලෙසයි.

අපේ රටේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙතිග එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

 

Post Views: 8
Previous Post

රාජපක්ෂ යුගයේදී අපරාධ 55,000 ක් වෙලා

Next Post

ජනපති පොළොන්නරුව ලක්ෂඋයනේ සංචාරයක

editor

editor

Next Post

ජනපති පොළොන්නරුව ලක්ෂඋයනේ සංචාරයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved