27 April 2024
#දේශීය #පුවත්

වැටුප් වැඩිවීමේ පළමු අදියරයට මුදල් වෙන් කිරීමට ආරම්භ කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

2024 අයවැය මගින් යෝජිත රුපියල් 10,000/= වැටුප් වැඩි කිරීමේ පළමු අදියර වන රුපියල් 5000/= වැටුප් වැඩි වීමට අදාළ මුල්ම කොටස වන ගුරු වැටුප් සඳහා වන මුදල් භාණ්ඩාගාරය මගින් නිදහස් කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බව හෙතෙම පැවසිය.

එසේම ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000/= වැටුප ඉහළ නැංවූ පසු එම අතරේක මුදල රුපියල් බිලියන 14ක් පමණ බව බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් වියදම් කළමනාකරණය කිරීම තුළන් පමණක් අදාළ මුදල් ඉතිරි ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *