27 April 2024
#සංවර්ධන

විදුලිය සඳහා යන වියදම අඩුකිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

මෙරට ජනතාවට විදුලිය සඳහා යන වියදම අඩු කිරීමට ඉදිරියේදී සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සුර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2021 මුදල් වර්ෂය සඳහා වු අයවැය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තම අමාත්‍යංශයෙ විසින් ඉදිරිපත් කල යෝජනා සියල්ලට මුදල් අමාත්‍යශයේ අනුමැතිව හිමිව ඇති බව හෙතෙම පැවසිය. එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇති ඉලක්ක සපුරා ගැනීමට තම අමාත්‍යංශය කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම මේ වන විට සැලසුම් කරමින් සිටින රාජ්‍ය ආයතනය, විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සුන්‍ය කිරීමට සුර්ය පැනල් එම ආයතනවල වහලට සවි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේය.

දුප්පත් පවුල් ලක්ෂයකට විදුලිය ලබා දීමටත් කටයුතු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඉදිරියේදී රටේ ව්‍යවසාකයින් මේ සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *