27 April 2024
#දේශීය

සිල් රෙදි නඩුවෙන් අනුෂ , ලලිත් නිදොස් කොට නිදහස්

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (19) නියම කළේය.

ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයන් නීතියට පටහැනි බවත් තමාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් මෙම අභියාචන පෙත්සම් ගොනු කර තිබිණි.

මෙම පෙත්සම්වල පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව සඳහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *