27 July 2024
#ක්‍රීඩා

ජනාධිපතිවරණය කල් දැමීමේ වැඩපිළිවෙලක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණය ද නොපැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

20 වන සංශෝධනයේ හරය වන්නේ ජනාධිපතිවරණය නොපැවැත් වීම බවත් රටේ ජනාධිපතිවරයා පත් කිරීමේ බලය ජනතාවට නොදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම බලය පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් එක් වැඩි ඡන්දයකින් ජනාධිපතිවරයා පත් කළ හැකි අතර එය සම්පූර්ණයෙන් අසතුටු දායක ක්‍රමවේදයක් බවද ඒ මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *