27 April 2024
#ක්‍රීඩා

ණය පොලියට නව නීති

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එන බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමිනි. 

දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව අමාත්‍යවරයා ඒ බව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බව පැවසිය.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂවරන්, මාවෙයි සේනාධිරාජා යන මහත්මහත්මීහු සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එච්. සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *