• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක සාගර දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

10 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක සාගර දිනයට සමගාමීව කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගිය 08 වන දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රුවන් රූපසේන ගේ ප්‍රධානත්වයෙන් පානම කලපු ප්‍රදේශයේදීය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ගංඟා, මෝය හා කලපු ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් කඩොලාන රෝපණය කිරීම සිදුකරනු ලබයි. ඒ අනුව, ගිණිකොන නාවික විධානය මඟින් ලෝක සාගර දිනයට සමගාමීව මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහන පානම කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරිණි.

වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරුකීම සඳහා කඩොලාන පරිසරය විශාල දායකත්වයක් දක්වයි. මත්ස්‍යයන් හට අභිජනන පරිසරයක් නිර්මාණය කරනු ලබන මෙම කඩොලාන පරිසරය තුළින් ධීවර ප්‍රජාවට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනු ලබන අතර, කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායූන් අවශෝෂණය කර ගැනීම කඩොලාන ශාක මඟින් සිදුවන බැවින්, එම පරිසරය රැක ගැනීම හා ව්‍යාප්ත කිරීම දිගුකාලීන ගෝලීය උණුසුම පාලනය සඳහා විශාල දායකත්වයක් දක්වයි.

තවද, කඩොලාන පරිසරය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතින් සාගරයට එක්වන අපද්‍රව්‍ය සීමා කිරීම, ස්වභාවික හේතූන් මත කලපු, ගංඟා, මෝය සහ ඉවුරු ආශ්‍රිත වෙරළ පරිසරය ඛාදනය වීම වැළැක්වීම සහ වාත්‍රාශය පිරිසිදු කිරීම වැනි ඉහළ පාරිසරික වටිනාකමක් ඇති පරිසර පද්ධතියක් බැවින්, එම පරිසරය අනාගතය වෙනුවෙන් රැක ගැනීම සඳහා නාවික හමුදාව මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

Mangrove planting initiative takes root in Southeastern Naval Command

Coinciding with the World Oceans Day, the Sri Lanka Navy on 08th June 2023 launched a mangrove planting initiative in the lagoon area of Panama in the Southeastern Naval Command. The event was held under the patronage of Deputy Area Commander Southeastern Naval Area, Commodore Ruwan Rupasena. The World Oceans Day of this year was celebrated (08th June), on the theme ‘Planet Ocean: Tides are Changing’.

Following the directives of the Commander of the Navy, Vice Admiral Priyantha Perera, the Sri Lanka Navy is actively involved in planting mangroves in estuaries, lagoons, and rivers as part of its ongoing mangrove conservation project across all naval commands. The recent initiative was yet another milestone of the timely project, organised by the Southeastern Naval Command.

The mangrove ecosystem plays a significant role in safeguarding the biodiversity of the coastal ecosystem. The distinct ecosystem serves as a fertile habitat for a wide variety of fish species, offering significant benefits to the fishing community as well. Additionally, the ability of mangroves to absorb carbon dioxide and other greenhouse gases highlights the importance of preserving and expanding these habitats in effectively mitigating global warming in the long run.

 

The mangrove ecosystem also plays an essential role in limiting the waste that finds its way into our precious oceans. They also stand against the relentless forces of erosion, safeguarding the coastal environment in lagoons, rivers, and estuaries. Moreover, mangroves can even contribute to air purification, ensuring mankind can breathe in fresh and clean air. Realizing the immense value of these guardians of our coastal belt, the Sri Lanka Navy often throws its weight behind initiatives that are set in motion to protect the mangrove ecosystem.

A group of senior and junior officers and sailors from the Southeastern Naval Command actively took part in this mangrove planting efforts.

 

Post Views: 9
Previous Post

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක සීමා ඉවත් කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved