• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක්

13 July 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ මෑතකදී වාර්තා වන වසංගත රෝග, සමාජීය – ආර්ථික ජන සංක්‍රමණ හේතුවෙන් හෘද රෝග හා මස්තිෂ්කවාහිනි රෝගාබාධ වැනි බෝ නොවන රෝගවල (NCD) වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ දළ වශයෙන් 75% ක් පමණ වන බෝ නොවන රෝග මරණ අනුපාතිකයෙන් 40% කට පමණ ප්‍රධානතම හේතුව ලෙස හෘද රෝග හඳුනාගෙන ඇති බවයි.

මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන තෘතීයික රෝහල්වල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් බෝ නොවන රෝග වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

ජපාන රජය සමඟ කරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉහත සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 10,639 ක (ආසන්න වශයෙන් රුපියල් මිලයන 15,500ක) ණය මුදලක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය විසින් එකඟතාව පළකර ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින් තෘතීයික රෝහල්වල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් බෝ නොවන රෝග වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ. තවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේත්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණඥයින් පුහුණු කිරීමේ පාසල්වලත් නව තාක්ෂණය යොදා ගනිමින් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් වැඩිදුරටත් අපේක්‍ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, එය 2023 වසරේදී නිම කිරීමට අපේක්ෂා කෙරේ.

2018 මාර්තු මස ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේදී ව්‍යාපෘතිය හා සම්බන්ධ හුවමාරු පත්‍ර ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර අත්සන් තබන ලදී. ‍ ඉහත ව්‍යාපෘතියට අදාළ ණය මුදල සඳහා වන ණය ගිවිසුම් අත්සන් කිරිම, පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ජයිකා ආයතනය වෙනුවෙන් එම ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින් ඉහත ණය ගිවිසුම් සඳහා අත්සන් තබන ලදී.

 

Post Views: 15
Previous Post

මෛත්‍රිව ජනපති කරන්න මහින්දගේ උදව් ඕන

Next Post

මහින්ද ගෝඨා ගැන තීරණයක

editor

editor

Next Post

මහින්ද ගෝඨා ගැන තීරණයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved