27 April 2024
#දේශීය

යුරියා Granula පොහොර රැගත් නැවක් කොලඹ වරායට එයි

යුරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් ඊයේ (04) රාත්‍රි කොළඹ වරායට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙම පොහොර ලෝක බැංකු ආධාර යටතේ වියට්නාමයේ සිට මෙරටට ආනයනය කර ඇත.

ඉදිරි වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව එම පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (05) උදෑසන සිට ආරම්භ කළ බව සභාපතිවරයා පවසයි.

යුරියා ග්‍රැනියුලා වර්ගය යනු වී වගා කරන ගොවීන් වැඩිපුරම ඉල්ලන පොහොර විශේෂයක් වන අතර මෙය පොහොර කැටිති පොහොර ලෙසද සැලකෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *