• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක් -ඇමැති සුසිල්

8 September 2022
in දේශීය

මත්ද්‍රව්‍ය භාවිතයට සිසුන් ඇබ්බැහි වීම නැවැත්වීමට සහ පාසල් වලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අනාගත තාක්ෂණ ලෝකයේ තිරසර සංවර්ධනයට උචිත පහසුකම්වලින් සමන්විත ව සැකසීමට උරදුන් ආදිසිසුන්, පාසල් සංවර්ධන සමිතිය, ගුරු දෙගුරුන් හා සිසුන් ඇගයීමට ලක් කිරීම හා අභිප්‍රේරණය වෙනුවෙන් පැවති උත්සවයක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “විශේෂයෙන් ම නාගරික පරිසරයේ, ප්‍රධාන පාසල් ආශ්‍රිත ව පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදිශිෂ්‍යයන් සහ ශිෂ්‍ය නායකයන් එක කාලයක් උදේට පාසල්වලට එන දරුවන්ගේ බෑග් පරීක්ෂා කළා වගේ නැවතත් ඒ කාර්ය කරයි කියලා, මං බලාපොරොත්තු වෙනවා. දැං මේක වෙන්නෙ නැහැ. ඒ නිසා ටොෆී ලෙස හෝ වෙනත් ආකාරයකින් මත්ද්‍රව්‍ය ළමයින් වෙත එන්න පුළුවන්. මේ පිළිබඳ ව යම් යම් තැන්වල කතාබහ වෙනවා. ඒක නිසා චක්‍රලේඛනයක් මගින් ම ලබන සතිය වෙනකොට සියලු පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේ පරීක්ෂාකිරීම් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතා ම සූක්ෂම ලෙස මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු සිදු වෙනවා. බොහෝ දෙනා මේ ගැන දන්නෙ නෑ. අන්තරායකාරී ඖෂධ පනතේ පැහැදිලි ව තියෙනවා, හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩිය අහු වුණොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන බව. අලුතෙන් ම ඇවිත් තියෙන්නෙ අයිස්. අයිස් සඳහා සංශෝධනයක් ඇවිත් නැති නිසා ඒ ආදේශන කටයුතු සිදු කරගෙන යනවා. දැං එම යල් පැනගිය නීති සංශෝධනයට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යනවා. මේ අලුතෙන් භාවිත වෙන මත්ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට මේ නීති අනිවාර්යෙන් ම සංශෝධනය වෙන්න ඕනෙ. ඒක දැං ලහි ලහියේ සිදු කෙරෙනවා. පසුගිය කාලේ අපි මාධ්‍ය තුළින් දැක්කා, විශාල පරිමාණයේ හෙරොයින් කිලෝ ගණන් නාවික හමුදාව, පොලිසිය ඔක්කොම එකතු වෙලා මුහුදෙදිත් අල්ලලා තිබුණා. එහෙත් ඉතා ම සූක්ෂම ආකාරයට මේවා පාසල් දරුවන් අතරට ගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව අපත් වහා ම ක්‍රියාත්මක විය යුතුයි. දැනට ක්‍රියාත්මක කරගෙන යන කරුණු කාරණා ගණනාවකුත් තිබෙනවා. එහෙත් ඊට වඩා දැඩි ලෙස අප මීට අවතීර්ණ විය යුතුයි. මේක උතුරු කොළඹ පැත්තට, කොලොන්නාවට ගියොත් තත්වය මීට වඩා භයානක විය හැකියි.එනිසා අප පාසල් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. මේ සඳහා ඉතා දැඩි අවධානයක් යොමු කර ලබන සතිය වන විට ම ‘සූම්’ තාක්ෂණික රැස්වීමක් කැඳවා මේ වන විටත් ක්‍රියාත්මක පියවර වන චක්‍රලේඛන නිකුත් කිරීම, ආහාර ඖෂධ ගැන දැනුම්වත් කිරීම, උපදේශන ගුරුවරුන් පත් කර තිබීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවලින් එහාට ගොස් පෙර ගැටුම්කාරී යුගයේ බෝම්බවලට බියෙන් සුපරීක්ෂාකාරී ව සිටි ලෙසින් දෙමාපියන්ගේ මෙන් ම පාසල් ප්‍රජාවගේත් දැනට වඩා දැඩි අවධානයක් මේ කෙරෙහි යොමු කෙරෙන ක්‍රියා මාර්ග ගන්නවා. මේ සම්බන්ධයෙන් මා ඉදිරියේ දී වඩාත් සාධනීය පියවර ගැනීමට අපේක්ෂා කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාවට ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම, ඩී. එස්. සේනානායක විදුහලේ විදුහල්පති ප්‍රසන්න උඩුමුහන්දිරම් යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.

 

Post Views: 9
Previous Post

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Next Post

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චින්තක කරුණාරත්න වැඩ භාර ගනි

editor

editor

Next Post

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චින්තක කරුණාරත්න වැඩ භාර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved