27 April 2024
#දේශීය

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චින්තක කරුණාරත්න වැඩ භාර ගනි

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) වැඩ භාරගත්තේය.

විජය පුවත්පත් සමාගමෙහි ලංකාදීප පුවත්පතෙහි මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් ප්‍රවෘත්ති සමකර්තෘ ධුරයද ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක හසළ අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක්ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *