27 April 2024
#දේශීය

රට විවෘත කිරීමෙන් පසු සේවා පවත්වන්න ක්‍රමවේදයක් සකස් කරනවා – යුධ හමුදාපති

එළැඹෙන පළමුවැනිදා රට විවෘත කිරීමෙන් පසුව රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ විශේෂ සෙත් පැතීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා දින දෙකකට ප්‍රථමව ලබාදුන් උපදෙස් මත උපදෙස් ලබාදීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවක දී අප මොන ආකාරයෙන් ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියා බව හෙතෙම පැවසිය.

මෙරට ජනගහනයෙන් සියයට 52.3කට වැඩි ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර ඇති බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *