• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බදින තුවක්කුවකට හසුවී දළ ඇතෙකු මිය යයි

28 June 2022
in දේශීය

බදින තුවක්කුවකට හසුවී තුවාල ලැබූ දළ ඇතෙකු මැදවච්චිය, ගලේගම වැව් තාවුලදී මිය ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

පසුගිය 10 වන දින මෙම දළ ඇතා ගලේගම වැව් තාවුලදී වැටී සිටිනු දුටු ගම්වාසීන් ඒ පිළිබඳ තුලාන බාර ග්‍රාමනිලධාරි දැනුවත් කර ඇත. ඒ අනුව ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානය සහ අනුරාධපුර වන ජීවි කාර්යාලය දැණුවත් කල අතර එම නිලධාරින් පැමිණ මෙම ඇතා පිළිබඳ මූලික පරික්ෂණ ආරම්භ කළේය.

එහිදී දළ ඇතාව පරික්ෂා කළ වන ජීවි නිලධාරින් ඇතාගේ වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වී එම පාදය දැඩි ලෙස බිදී ගොස් ඇති බව හදුනා ගත් අතර ඒ සඳහා මූලික ප්‍රථිකාර සිදු කිරීමට කටයුතු කළේය.

සති දෙකකට ආසන්න කාලයක් ප්‍රථිකාර ලබමින් එක්තැන්ව සිටි මෙම ඇතා නිසි පරිදි ආහාර නොලැබීමත් , තුවාලය පැතිරී ගොස් තිබීමත් හේතුවෙන් ශරීරය දුර්වල වී වැව් තාවුලේම මිය ගියේය.

වයස අවුරුදු 13 ට ආසන්න වයසැති මෙම දළ ඇතා උස අඩි 12 ආසන්න වේ. 2022 වර්ෂයේ ගත වූ මාස 06 තුල මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ සිදු වූ 05 වැනි වල් අලි මරණයද මෙය වේ.

 

 

මැදවච්චිය-ගයාන්

Post Views: 13
Previous Post

ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කෙරේ

Next Post

රටක් ලෙස ජය ගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි -අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

රටක් ලෙස ජය ගන්න පුලුවන් හොදම අවස්ථාව මෙයයි -අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved