27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිත කාන්තාවක් මියයයි

කුලියාපිටිය කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගත් 50 හැවිරිදි කාන්තාවක් මියගිය බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම කාන්තාව කුලියාපිටිය ප්‍ර දේශයේ පදිංචිකාරියක් වන අතර පසුගිය 17 වනදා කුලියාපිටිය රෝහලෙන් සිට IDH රෝහල වෙත මාරු කර යවා තිබිණි.

එම කාන්තාවට නිධන්ගත රෝග රාශියක් තිබු බවත් එම නිධන්ගත රෝග සංකුලතා හේතුවෙන් මිය ගොස් ඇති බව සමරවීර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන 14 වන කොවිඩ් ආසාදිත මරණය මෙය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *