• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී තරුණයෙකු මරුට

20 December 2022
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනය, පෙරියකුළම ප්‍රදේශයේ පදිංචි කුෂාන් චතුරංග නම් 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඔහු පෞද්ගලික රථ වාහන රක්ෂණ ආයතනයක එප්පාවල නගර ශාඛාවේ සේවය කර ඇති අතර, ඊයේ (19) සේවය නිම වී නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.පස්වරු 6.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර, ඒ අවස්ථාවේ තරමක වර්ෂාපතනයක්ද පැවතී ඇත.බෝක්කුවේ එක් පැත්තක් ඉදි කෙරෙමින් පවතින බැවින් මාර්ගයේ එක් මං තීරුවක් පමණක් විවෘත කර තිබී ඇත.

යතුරු පැදිය ඉදි කරමින් පවතින බෝක්කුව දෙසින්ම ධාවනය වී බාධකයන් හරහාද ගමන් කර බෝක්කුව අසල තිබූ යකඩ බටයක ගැටී යතුරු පැදිය එම ස්ථානයේ පෙරළි ඇති අතර, යතුරු පැදිකරු බෝක්කුව තුළට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ඒ වන විටත් බෝක්කුව තුළ ජලය පිරී තිබී ඇත. අදාළ බෝක්කුව අසල මාර්ග සංඥා මගින් බෝක්කුව ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතත්, දැඩි අඳුරු ස්වභාවයක් ගන්නා එම ස්ථානයේ විදුලි ආලෝක මගින් පාලමේ ඉදි කිරීම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කොන්ත්‍රාත් සමාගම් කටයුතු කර නොමැති බවද එහි ගිය අපට දැක ගත හැකි විය.

අනතුර සිදුවන ආකාරය කිසිවෙකුත් ඇසින් දැක නැති අතර, අනතුර සිදු වී යතුරු පැදිය පාලම් බෝක්කුව අසල වැටී තිබෙනු දැක අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඉදි කෙරෙමින් පවතින පාලම් බෝක්කුව තුළට පුද්ගලයකු වැටී සිටිනු දැක ගොඩට ගෙන ත්‍රී රෝද රථයකින් එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.අනතුරින් ඔහුගේ සුසුම්නාවට සිදු වූ හානි හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි ඔහු පැවසීය.මේ වන විටත් ඔහුගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තලාව – එප්පාවල -ඉපලෝගම මාර්ගය වසරකට ආසන්න කාළයක සිට අලුත්වැඩියා කරමින් පවතින අතර, මාර්ගයේ ස්ථාන රැසක පාලම් බෝක්කු ඉදි කෙරෙමින් පවතියි.එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ පිහිටි පාලම් බෝක්කුවද මාස ගණනක්ම ඉදි කෙරෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.මෙම බෝක්කුව තුළට මීට පෙරද පුද්ගලයින් දෙදෙනකු වැටී අනතුරක් සිදු වූ බවත්, ඔවුන්ගේ ජීවිතද අනූ නවයෙන් බේරුණු බව ප්‍රදේශවාසීන් පවසති. මෙම මාර්ගයේ ඉදි කිරීම් කරන කොන්ත්‍රාත් සමාගම් දෙකම මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවත්, පාලම්, බෝක්කු ඉදි කරන ස්ථාන වල ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසි ලෙස සිදු කර නොමැති බවද , ඒ හේතුවෙන් අනතුරු රැසක් සිදු වූ බවද ප්‍රදේශවාසීන් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 9
Previous Post

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් මහත්මිය ජනපති හමු වෙයි

Next Post

රජයේ ඒකාබද්ධ අරමුදලටරුපියල් බිලියන 02ක පරිත්‍යාගයක් – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

රජයේ ඒකාබද්ධ අරමුදලටරුපියල් බිලියන 02ක පරිත්‍යාගයක් - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved