• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

7 May 2021
in දේශීය

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම ඊයේ (06) සිට ආරම්භ කෙරිණ. චීනයෙන් ලැබුණු “සයිනොෆාම්” එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබේ. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතී.

“ඇස්ට්‍රාසෙනිකා” එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ.

ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ.

 

Post Views: 10
Previous Post

අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු – අගමැති

Next Post

ග්‍රාම නිලධාරි වසම් 21 අලුතින් හුදෙකලා කෙරේ..

editor

editor

Next Post

ග්‍රාම නිලධාරි වසම් 21 අලුතින් හුදෙකලා කෙරේ..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved