• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මාන ලබයි!

5 May 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

AIA ඉන්ෂුවරන්ස්, ගෞරවාන්විත “ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව්” වෙතින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව දෙවන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීම මහත් අභිමානයෙන් සමරයි.

මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිලිබඳ විශ්ලේෂණ සිදුකරන්නා වූ, එක්සත් රාජාධානියේ ප්‍රභල සන්නිවේදන ආයතනයක් වන මෙම සමාගම, ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳව විස්තරාත්මක තක්සේරු කිරීමක් කරන ලදී. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත සිදුකරන්නා වූ විශිෂ්ට දායකත්වය මෙම සම්මානය දිනා ගැනීමෙන් මනාව පිළිබිඹු වේ.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට මෙවන් සම්මානයකට හිමිකම් කීමට විශේෂ හේතු සාධක රැසක් පවතියි. ඒ අතරින් AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රතිශතය හිමි ජීවිත රක්ෂකයා වීමත්, එබැවින් අවදානම් තත්ත්වයන් සහ අර්බුදකාරී අවස්ථාවන් සඳහා ඉතා හොදින් මුහුණ දීමේ අසමසම ශක්තියත් හැකියාවත් AIA සතුව තිබීම හැදින්විය හැකිය.

නොබෝදා ඇති වූ COVID-19 වසංගත අවස්ථාවේ දී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සවිමත් පදනමක් සහිත සමාගමක් බව මනාව පැහැදිළි වූයේ ඔවුන් සියළු හිමිකම් ගෙවමින් කිසිම බාධාවකින් තොරව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යමින් නිරතුරුව සවිමත්ව රැඳී සිටීම නිසයි. AIA ඉන්ෂුවරන්ස් හි මෙම මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය සඳහා සමාගමේ විචක්ෂණශීලී ආයෝජන ක්‍රමෝපායන් මෙන්ම උසස් තත්ත්වයේ ආයෝජනයන් ද මහත් රුකුලක් වේ.

AIA ඉන්ෂුවරන්ස් සැමවිට සිය සේවාලාභීන්හට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින අතර පසුගිය වසර 30 ක කාලය පුරාවට රක්ෂණවර හිමියන්හට පොරොන්දු වූවාටත් වඩා වැඩි අගයක ලාභාංශ ගෙවා ඇත. AIA ඉන්ෂුවරන්ස් හි පුරෝගාමී ඩිජිටල්කරණ ප්‍රයත්නයන් සේවාලාභී සත්කාරය වඩාත් පහසු කරණු ඇති අතර මෙමගින් සේවාලාභී කේන්ද්‍රීය රක්ෂණ සමාගමක් ලෙස එහි කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇත. සේවාලාභීන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීම සඳහා සමාගම නිරතුරු වෙහෙසෙමින් සිටින අතර ඔවුනගේ අවශ්‍යතා සඳහා කල්තියා ඉක්මන් විසදුම් සොයා බැලීමට ඔවුන් ක්‍රියා කරයි. ඊට කදිම උදාහරණයක් ලෙස කොවිඩ් වසංගතයට කලින් රක්ෂණ කේෂේත්‍රය වෙත සමාගම හදුන්වා දුන් පුරෝගාමී සේවාවක් වන oDOC ටෙලි-මෙඩිසින් සේවාව හැදින්විය හැකිය.

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රයත්නය, රක්ෂණ විසදුම් සම්පාදකයෙකු ගේ භූමිකාවෙන් ඔබ්බට යමින්, සේවාලාභියාගේ සුවතාවයෙන් පිරි ජීවන ගමන් මගට සහකරුවෙක් ලෙස එකතු වෙමින්, AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ඔවුන් වෙත වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමයි. අවසාන ඉලක්කය ලෙස සේවාලාභීන්හට සෞඛ්‍ය සම්පන්න බවින් පිරි, මූල්‍ය ශක්තියෙන් සපිරි වඩාත් ප්‍රීතිමත් වූ පරිසර පද්ධතියක් සඳහා අවශ්‍ය අවකාශය සැපයීමට සහාය වීමයි. මේ අනුව නොබෝදා සමාගම නිවේදනය කර සිටියේ oDoc ඇප් එක ඔස්සේ ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි ඕනෑම සුවතා විශේෂඥයෙකුගේ උපදේශන සේවය නොමිලේ 06 වරක් ලබා ගැනීමට, වාර්ෂිකව රු.100,000/-කට වඩා වැඩි වාරිකයක් සහිත සියළුම සේවාලාභීන්හට පහසුකම් සලසා ඇති බවයි. එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් සිය සුවතා වැඩසටහන වන AIA Vitality ඔස්සේ සෞඛ්‍ය සම්පන්න බව සහ සුවතාවය ප්‍රවර්ධනය කරමින් සිටින අතර මේ සඳහා AIA පුරෝගාමී වැඩසටහන් වලින් එකක් වන, සේවා ස්ථානයන්හී සුවතාවය මැන බැලීමට සහාය වන ශ්‍රී ලංකාවේ වඩාත් සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථාන සමීක්ෂණය (‘Sri Lanka’s Healthiest Workplace Survey’) තවදුරටත් සිදු කරනු ලබයි.

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම ආයතනයක් ලෙස Great Place to Work® වෙතින් අඛණ්ඩව 8 වන වතාවටත් ඇගයුමට ලක් වූ අතර කාන්තාවකට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත් AIA අඛණ්ඩව 3 වන වතාවටත් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙසේ ඇගයුමට ලක්වීම සමාගම තුළ සේවය කිරීම සඳහා ඇති සුභවාදී මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් හට වර්ධනය වීමට ඇති පැහැදිළි වෘත්තීය මංපෙතක් සහිත වාතාවරණය මනාව පැහැදිළි වේ.

ශ්‍රී ලංකා හදවත් සංගමයට දායකත්වය, ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් සහයෝගිතාවකට එළඹිම, දිවයින පුරා ඇති අඩු වරප්‍රසාද සහිත පාසල්, රෝහල් ආදිය අලුත්වැඩියා කරදීම, පොසොන් උත්සව සමයේ දී අනුරාධපුර පුද බිම වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ජීවිත වලට රැකවරණය සැපයීම උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම හෝ COVID වසංගත අවස්ථාවේ කොරෝනා රෝගීන්හට ප්‍රතිකාර කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් හට පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) පරිත්‍යාග කිරීම සහ ඔවුනට නොමිලේ ජීවිත ආවරණයක් ලබා දීම වැනි දෙයින් පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා විශාල හදවතක් ඇති සිය සමාජ මෙහෙවර ප්‍රමුඛත්වයේලා සලකන සමාගමක් ලෙසයි.

මේ සියළු දේ ක්‍රියාත්මක කරන අතර, AIA ඉන්ෂුවරන්ස් හී පරමාර්ථය වන්නේ ශ්‍රී ලාංකිකයින්හට ජීවිතය උපරීම ලෙසින් විඳිමින්, සෞඛ්‍යමය මෙන්ම මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වය ලඟාකර ගැනීමට සහාය වීමයි.

 

 

 

Post Views: 6
Previous Post

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි

Next Post

නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් හුදෙකලා කෙරේ

editor

editor

Next Post

නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ ග්‍රාම නිලධාරි වසම් 02 ක් හුදෙකලා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved