ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබේ.
එම කොමිසම දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශනය සඳහා ප්‍රකාශ ලබා දීමට ලබන 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. මෙම ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
ශ්‍රී ලංකා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවූ බවට චෝදනා එල්ල වී ඇති මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශන අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් පුළුල් ලෙස ක්‍රියාත්මක වේ.














