ඉදිරි මාස කිහිපය තුළ මෙරට දූෂිතයන්ට එරෙහිව නඩු විභාග කිරීමේ කටයුතු වේගවත් කරන බවත්, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය වුවහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා භාවිත කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. කළුතර ප්‍රදේශයේ පැවැති මැයි දින රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස තුන හතරක කාලය තුළ දූෂිතයන්ට එරෙහිව අඛණ්ඩව නඩු විභාග කිරීම් ආරම්භ වන බවයි. “සමහර නඩු තිබුණා කාලානුරූපව යටපත් වෙච්ච, ඒ අයත් දැන් පරිස්සම් වෙලා ඉන්න. වැරදිකරුවන් දඬුවම් ලැබිය යුතුමයි” යනුවෙන් ඔහු එහිදී පවසා සිටියේය.
ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය කාලසීමාව තුළ එවැනි ක්‍රියාවන්ට කිසිදු ඉඩක් ලබා නොදුන් බවත්, ඉදිරියට ද ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඕනෑම දැඩි පියවරක් ගැනීමට රජය පසුබට නොවන බවත් ප්‍රකාශ කළේය. දූෂණයට සහ අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමේදී “නෝ චාන්ස්” (No Chance) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අමාත්‍යවරයා කළුතරදී කළ මෙම ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














