• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුවන්තොටුපොළ ආරක්ෂාවට ගුවන් සුනඛයන් 20 ක් යොදවයි

15 January 2021
in දේශීය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15) දින සිට සිදු කෙරේ.

ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් විසින් රැගෙන යන ගමන්මළු වල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය, පහසුවෙන් හඳුනාගතහැකි වන පරිදි විශේෂ හැකියාව ලත් මෙම සුනඛයින් හට පුහුණුව ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේ දී ය.

මෙම සුනඛයින්, අන්තරායකර ඹෟෂධ පාලන මංඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරික්ෂණයකට මුහුණ දුන් අතර එවැන්නක් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වීම ද විශේෂත්වකි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ආරක්ෂක තත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුනින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බලකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේ දී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බලකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් ගුවන්තොටුපොළ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා යෙදවීමේ අරමුණයි.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැතිවින.

Post Views: 5
Previous Post

කුසල් මෙන්ඩිස් පිට පිට සිව් වරක් ලකුණු බිංදුවම ලබා ගනි

Next Post

“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved