27 April 2024
#දේශීය

නියෝජ්‍ය කථානායක ධූරයට අජිත් රාජපක්ෂ පත් වෙයි

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා තේරී පත් විය.

අද (17) නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් මෙලෙස ඡන්දයකට යෑමට සිදුවිය.

ඒ අනුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා විය.

ඡන්ද ප්‍රතිඵල වන්නේ ඡන්ද109 ක් ලබා ගනිමින් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තේරී පත් විය. රෝහිණි කවිරත්න මහත්මිය ඡන්ද 78 ක් ලබා ගත්තේය. අවලංගු වු ඡන්ද සංඛ්‍යාව 23 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *