2026 පෙබරවාරි 13 වැනිදා තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී, වෙඩික්කරු ප්රවාහනය කළ බවට සැක කෙරෙන බස් රථයක් දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මෙම බස් රථය විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන තිබුණි. අනතුරුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කළ පරීක්ෂණවලදී, එය මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 23 වැනිදා සිට දින 14ක් සඳහා බස් රථය ක්රියා විරහිත කිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















