මහනුවර–යාපනය A9 මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය ආසන්නයේ සිමෙන්ති පැටවූ ලොරි රථයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්යාව හය දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තවත් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. අද (19) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් මුලදී පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය බව වාර්තා වූ අතර, පසුව මරණ සංඛ්යාව ඉහළ ගොස් තිබේ.
පොලීසිය මීට පෙර සඳහන් කළේ ලොරි රථයේ රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයේ ගමන් කළ වාහන සහ පුද්ගලයන් කිහිපදෙනෙකු අනතුරට ලක්වූ බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, ලොරි රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබේ.
















