දකුණු පළාත් ග්‍රාම සංවර්ධන සමිති ශ්‍රේණිගත කිරීමේ උත්සවයේදී, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන සමිති 7ක් ‘A’ ශ්‍රේණියේ සමිති ලෙස ඇගයීමට ලක් විය.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් ධම්මි අනෝජා මහත්මිය වෙත විශේෂ සම්මානයක් හිමි වූයේ, අදාළ ප්‍රදේශය තුළ ‘A’ ශ්‍රේණියේ සමිති 5කට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට නායකත්වය ලබා දීම අගය කරමිනි. මීට අමතරව, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරි චමරි කාන්චනී මහත්මිය විසින් ප්‍රදේශය වෙනුවෙන් සිදු කරන ලද සමාජීය මෙහෙවර වෙනුවෙන් ඇයවද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
















