අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මහකනදරාව වම් ඉවුර යාය 02 පාසල් පාරේ, මහ ඇල හරහා පිහිටි වසර හැටක් පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීමේ කටයුතු උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දිවයින පුරා පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල කුඩා පාලම් වැඩි දියුණු කිරීමේ තිරසාර ව්‍යාපෘතිය 2026 යටතේ මෙම පාලම ඉදිකෙරේ. මෙම නව ඉදිකිරීම හරහා ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු ජනතාවට වඩාත් ආරක්ෂිත සහ පහසු ගමනාගමන අවස්ථාවක් හිමි වනු ඇත.
















