27 April 2024
#දේශීය

ශ්‍රී ලංකීක සංක්‍රමණික ශ්‍රමිකයින්ට සහාය දෙන්න රජය සැරසෙයි

වර්තමාන කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට විවිධ ආකාරයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ මෙම ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ පිළිබඳව ගවේෂණය කිරීමට රජය කටයුතු කරයි.

ඒ සම්බන්ධයෙන් විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (10) දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවැත්විය.

විශාල වශයෙන් මැදපෙරදිග, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු කලාපවල රැකියාවල නියුතු, දළ වශයෙන් මිලියනයකට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යවරයා අනාවරණ කලේය.

මෙම අමාත්‍යාංශ දෙක මඟින් එම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. සරත් අබයගුණවර්ධන මහතා සහ මෙම රැස්වීමට සහභාගී වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තම අදහස් හා දැක්ම බෙදා හදා ගත් අතර, එම සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අභිවෘද්ධිය සඳහා මෙම අමාත්‍යාංශ දෙක සමීපව කටයුතු කරන බව අවධාරණය කළහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *