• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගනී

21 July 2023
in දේශීය

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

ස්වාධීනව සිදුකරන ලද පුළුල් මට්ටමේ තක්සේරුවකින් හා විගණනයකින් අනතුරුව මෙම තහවුරු කිරීම සිදුකරන ලදි.

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (International Standards Organization – ISO) මගින් නියම කරනු ලබන ඉහළම මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන සමාගම් හා ආයතනවලට මෙම සහතිකකරණය හිමි වේ.

මේ සඳහා වූ සමීක්ෂණය සිදුකරන ලද්දේ ස්වාධීන සහතිකකරණ විගණන සමාගමක් වන Det Norske Veritas (DNV – GL, Norway) සමාගම විසිනි. රක්ෂණ සැලසුම් නිකුත් කිරීම සහ හිමිකම් මුදල් ගෙවීම ඇතුළු ක්‍රියාවලි කඩිනම් වන ආකාරයට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් විධිමත් හා කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යාමට අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබීම, මෙම සහතිකකරණය යළි තහවුරු වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් විය.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති සුල්ෆිකර් ගවුස් මහතා මෙසේ පැවසී ය. “අපගේ සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ අංශ සඳහා මේ ආකාරයට ISO 9001:2015 සහතිකකරණය යළි තහවුරු වීම මහත් සතුටක්. අපගේ මෙහෙයුම් කටයුතු විශිෂ්ටතම අන්දමින් පවත්වාගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අප සමත් වී ඇති බවට මෙය සාක්ෂි දරනවා. මේ විශිෂ්ටත්වය අඛණ්ඩව රඳවා ගන්නා අතරම, ISO මගින් නියම කර ඇති මූලධර්මයන්ට සහ ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියටත් කටයුතු කිරීම අපගේ ඉලක්කයයි.”

ISO 9001:2015 යනු තත්ත්ව කළමනාකරණය, කාර්යක්ෂම ක්‍රියාවලීන් සහ විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් වෙනුවෙන් කිසියම් සමාගමක් හෝ ආයතනයක් දක්වන කැපවීම තහවුරු කරන, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකකරණයකි. ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කරමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදෙන අතරම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම අඛණ්ඩව තහවුරු කරගැනීම අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණ වී තිබේ.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන ටකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා ටකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා ටකාෆුල් රක්ෂණ සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී.

මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

පිටපත – PR

Post Views: 16
Previous Post

ඇමැති කෙහෙලියට විරුද්ධව විශ්වාසයභංගය කථානායක වෙත භාර දෙයි

Next Post

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

editor

editor

Next Post

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved