• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගනී

21 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම යළිත් ISO 9001:2015 සහතිකකරණය තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

ස්වාධීනව සිදුකරන ලද පුළුල් මට්ටමේ තක්සේරුවකින් හා විගණනයකින් අනතුරුව මෙම තහවුරු කිරීම සිදුකරන ලදි.

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය (International Standards Organization – ISO) මගින් නියම කරනු ලබන ඉහළම මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන සමාගම් හා ආයතනවලට මෙම සහතිකකරණය හිමි වේ.

මේ සඳහා වූ සමීක්ෂණය සිදුකරන ලද්දේ ස්වාධීන සහතිකකරණ විගණන සමාගමක් වන Det Norske Veritas (DNV – GL, Norway) සමාගම විසිනි. රක්ෂණ සැලසුම් නිකුත් කිරීම සහ හිමිකම් මුදල් ගෙවීම ඇතුළු ක්‍රියාවලි කඩිනම් වන ආකාරයට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් විධිමත් හා කාර්යක්ෂම අයුරින් පවත්වාගෙන යාමට අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබීම, මෙම සහතිකකරණය යළි තහවුරු වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් විය.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති සුල්ෆිකර් ගවුස් මහතා මෙසේ පැවසී ය. “අපගේ සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ අංශ සඳහා මේ ආකාරයට ISO 9001:2015 සහතිකකරණය යළි තහවුරු වීම මහත් සතුටක්. අපගේ මෙහෙයුම් කටයුතු විශිෂ්ටතම අන්දමින් පවත්වාගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අප සමත් වී ඇති බවට මෙය සාක්ෂි දරනවා. මේ විශිෂ්ටත්වය අඛණ්ඩව රඳවා ගන්නා අතරම, ISO මගින් නියම කර ඇති මූලධර්මයන්ට සහ ක්‍රමවේදයන්ට අනුකූලව ඉදිරියටත් කටයුතු කිරීම අපගේ ඉලක්කයයි.”

ISO 9001:2015 යනු තත්ත්ව කළමනාකරණය, කාර්යක්ෂම ක්‍රියාවලීන් සහ විශිෂ්ට මට්ටමේ පාරිභෝගික සේවාවක් වෙනුවෙන් කිසියම් සමාගමක් හෝ ආයතනයක් දක්වන කැපවීම තහවුරු කරන, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකකරණයකි. ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කරමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදෙන අතරම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් ලෙස තමන් සතු පිළිගැනීම අඛණ්ඩව තහවුරු කරගැනීම අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණ වී තිබේ.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන ටකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා ටකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා ටකාෆුල් රක්ෂණ සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී.

මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

පිටපත – PR

Post Views: 7
Previous Post

ඇමැති කෙහෙලියට විරුද්ධව විශ්වාසයභංගය කථානායක වෙත භාර දෙයි

Next Post

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

editor

editor

Next Post

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved