හෙරොයින් ග්රෑම් 122යි මිලිග්රෑම් 430ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 23 වන දින දහවල් අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය ප්රදේශයේදී පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.













