• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලි පැටවුන්ගේ ජීවිත රැකගැනීමට පොළොන්නරුවේ හෙක්ටයාර 15ක නව ඇත්අතුරු සෙවණක්

24 October 2026
in දේශීය, පුවත්
අලි පැටවුන්ගේ ජීවිත රැකගැනීමට පොළොන්නරුවේ හෙක්ටයාර 15ක නව ඇත්අතුරු සෙවණක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
අලි-මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු හේතුවෙන් මව්වරුන්ගෙන් වෙන්වන සහ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා පොළොන්නරුවේ කලාහගල ප්‍රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම ස්ථානය තෝරාගත් බවයි.
ඒ අනුව, පොළොන්නරුව නගරයට ආසන්න කලාහගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් මේ සඳහා ලබාදීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එකඟතාව හිමිව තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම ඇත්අතුරු සෙවණ උඩවලව ප්‍රදේශයේ පිහිටා ඇති අතර, පොළොන්නරුවේ සිට එහි අලි පැටවෙකු ප්‍රවාහනය කිරීමට පැය 7ත් 9ත් අතර කාලයක් ගතවන බව සඳහන් වේ. තුවාල ලැබූ අලි පැටවුන් මෙතරම් දුරක් ප්‍රවාහනය කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවලට අවදානමක් ඇතිවිය හැකි බැවින්, නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පැයක් හෝ දෙකක් ඇතුළත අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අලි පර්යේෂකයෙකු වන ආචාර්ය සුමිත් පිළපිටිය මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ අලි ගහනය උතුරු හා උතුරු මැද, නැගෙනහිර සහ දකුණ ලෙස ප්‍රධාන උපගහන තුනකට බෙදා හඳුනාගෙන ඇති බවයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන එන අලි පැටවුන් උඩවලව ප්‍රදේශයේදී රැකබලාගෙන පසුව දකුණු කලාපයේ වනජීවී රක්ෂිතවලට මුදාහැරීමෙන් මෙම උපගහන අතර ස්වභාවිකව පවතින වෙන්වීම වෙනස් වීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය මඟින් උතුරු හා උතුරු මැද කලාපවලින් රැගෙන එන අලි පැටවුන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු එම කලාපවල වනජීවී රක්ෂිතවලටම මුදාහැරීමට හැකිවීම විද්‍යාත්මක වශයෙන් වැදගත් බව ඔහු අවධාරණය කර තිබේ.
මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට මෙන්ම අලි පැටවුන් සඳහා ආහාර සැපයීම ඇතුළු සේවා හරහා ප්‍රදේශවාසීන්ට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා උදාකිරීමටද හැකිවනු ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
Post Views: 14
Previous Post

අරලගංවිල අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී 41 හැවිරිදි පුද්ගලයෙකු සහ පස් හැවිරිදි දරුවෙකු එලොව යයි

Next Post

බලපිටියේදී හෙරොයින් ග්‍රෑම් 122ක් සමඟ 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
බලපිටියේදී හෙරොයින් ග්‍රෑම් 122ක් සමඟ 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

බලපිටියේදී හෙරොයින් ග්‍රෑම් 122ක් සමඟ 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved