අම්පාර – බිබිල මාර්ගයේ මාකඩ කන්ද පල්ලම ප්‍රදේශයේදී මාර්ගයේ පසෙක තිබූ බැම්මක මෝටර් රථයක් ගැටී පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම අනතුර ඊයේ (24) පස්වරු 1.00ට පමණ සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














