ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි හමුදාමය ගැටුම් හමුවේ, ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනය කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඕමාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසක් ඉරානයේ තෙහෙරාන් අගනුවර වෙත පැමිණ තිබේ.
ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඕමාන විදේශ අමාත්‍ය බදර් අල්බුසයිදි සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, ජාත්‍යන්තර වෙළඳාම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස සුරක්ෂිත විය යුතු බව ඕමානය අවධාරණය කරයි. මේ අතරතුරදීත් ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකා වෙත එල්ල කරන ගුවන් සහ මිසයිල ප්‍රහාර 14 වන දිනටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














