• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කල්පිටියේ කෘෂිකාර්මික කලාපයක්

14 July 2018
in සංවර්ධන

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් පරිදි කල්පිටිය, තලවිල ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය 12 වනදා තලවිල ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

විශේෂයෙන්ම පලතුරු සහ එළවළු සහ විශාල වශයෙන් වගාකරන මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් අපට අවශ්‍ය සමස්ත එළවළුවලින් 25%ක් සපයනු ලබයි. නමුත් මෙම ගොවීන් කාලයක පටන් මුහුණදුන් විදුලිබලය පිළිබඳ අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් ට්‍රාන්ස්ෆෝමර් 22ක් සවිකර මෙම ප්‍රදේශයට අඛණ්බව විදුලිය සැපයීම සඳහා විදුලිබලමණ්ඩලයට නියෝග කර තිබෙන අතර ඔක්තොම්බර් මාසය වනවිට අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩපිළිවෙල ඇරඹෙන බව අමාත්‍යවරයා කීය.

එමෙන්ම කල්පිටිය ප්‍රදේශය එළවළු සහ පලතුරු නිෂ්පාදන කලාපයක් වශයෙන් නම් කිරීමට කටයුතු කරන ලෙස ගොවි ජනතාව ඉල්ලා සිටියේ ය. ඒ අනුව කල්පිටිය ප්‍රදේශය එළවළු සහ පලතුරු නිෂ්පාදන කලාපයක් ලෙස නම්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා පැවසිය.

මේ වනවිට මෙම ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවිකරුවන් ගොවීන් සූරාකමින්, පොහොර මිටියක් රු.3000ක පමණ මුදලකට අලෙවි කරන බව ගොවීන් ප්‍රකාශ කළේ ය. ඒ අනුව වැඩි මිලට පොහොර අලෙවි කරන පොහොර ඒජන්සිකරුවන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට වහාම පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබී ය. එමෙන්ම කල්පිටිය ප්‍රදේශයට අවශ්‍ය පොහොර ඉතා ඉක්මනින් සපයන ලෙස රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබී ය.

එමෙන්ම දැනට තලවිල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන සූර්ය බල පද්ධතිය විටින්විට විසන්ධි වන බැවින් ඒ සඳහා ස්ථීර විසඳුමක් වහාම ලබාදෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කරනු ලැබී ය.

මෙම සාකච්ඡාවට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 11
Previous Post

මුහුණට මුහුණ කතා කරන්න එන්න – මංගල මහින්දට කියයි

Next Post

මහින්ද වෙනස් වෙලා නෑ

editor

editor

Next Post

මහින්ද වෙනස් වෙලා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved