27 April 2024
#දේශීය

බස් රථ රියදුරුගේ නොසැලකිල්ලෙන් හමුදා නිලධාරියෙකු මිය යයි

නුගේගොඩ ගුවන් පාලම මතදී අද (20) උදෑසන 05.30 ට පමණ කොලඹ දෙස සිට මහරගමට දෙසට ධාවනය වු යුධ හමුදා කැබ් රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් රියඅනතුරක් සිදුව තිබේ.

අනතුරුන් යුධ හමුදා කැබ් රථයේ රියදුරු හා එහි ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රියදුරු මිය ගොස් ඇතිබව පොලිසිය පවසයි.

මිය ගිය යුධ හමුදා නිලධාරියා වයස අවුරුදු 35 ක් වු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (20) ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්දයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *