27 April 2024
#දේශීය

ජනතා පැතුම් ඉටු කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ලාන්සා කියයි

රට සංවර්ධනය කිරීමට හා ජනතා අපේක්ෂාවන් ඉටුකරලීමට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇති බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(19) දින ජා ඇල පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දීමට නොහැකි වීම පිළිබදව ගම් මට්ටමින් එක්සත් ජාතික පාක්ෂිකයින් කණගාටුවට පත්ව සිටින අතර ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සහායෝගය ඔවුන් ලබා දෙනු ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්තයක් කිරීමට ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි විශ්වාසනීය නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීමක් මෙන්ම ඒ සදහා ලැබුනු හොදම අවස්ථාව මෙය බවද නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය තුළින් රට තුළ විවිධ අර්බුද ගොඩනැගුනු අතර එය පසුගිය යහ පාලන කාලය තුළ හොදින් අත්විදීමට සිදුවු අතර මෙම අර්බුදකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවාදී නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සදහා තුනෙන් දෙකක ආණ්ඩු බලයක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *