27 April 2024
#දේශීය

ඡන්දේට කලින් MCC එක ගැන ස්ථාවරය රටට කියන්න – විජිතගෙන් ජනපතිට අභියෝගයක්

එම්.සී.සී. ගිවිසුම ගැන දැන් රටේ ජනතාවගේ බලවත් විරෝධය මතුවී ඇති අතර මැතිවරණයට පෙර ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කළේය ” ඇමරිකාවට මේ ගිවිසුම ලංකාවට අවශ්‍ය නැහැ කියලා පුළුවන්නම් ලිඛිතව දෙන්න කියලා. දැන් ආණ්ඩුවේ ඇමතිවරු එක එක බොරු කතා මේ ගැන කියනවා. නමුත් ඇමරිකානු තානාපතිවරිය කියනවා, ඡන්දෙන් පස්සේ මේ ගිවිසුම අත්සන් කරන්න මේ ආණ්ඩුව එකඟ වුණයි කියලා. එදා ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභයයි, රොබට් ඕ බ්ලේක් දෙන්නයි එකතු වෙලා. එහෙම කළ ගෝඨාභය මෙම ගිවිසුම අත්සන් නොකරයි කියලා තිබෙන සහතිකය කුමක්ද? රටේ ජාතික ආරක්‍ෂාවට ඒ වගේම ස්වෛරීත්වයට හානිකර මේ ගිවිසුම වහාම නතර කරන්න කියලා ජාතික ජන බලවේගය හැටියට අපි බලකර සිටිනවා. මේ ගිවිසුම සැබෑවටම අහෝසි කරන්න නම් ජාතික ජන බලවේගයට ඒ සඳහා අවශ්‍ය බලයක් ලබාදිය යුතුයි. ඒ සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මෙම ඡන්දය පාවිච්චි කරන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *